දුටු දා පටන් හද නුඹේ රූ අදිනා සිත්තම්
යලි හමුවන තුරා
තෙපලු වදන් මිහිරි හිත කරනා වත්තම්
මා සනසවා
නොකියූ වදන් ගොළු වූ සිතින්
මම ඉන්නම් ඉවසා
පෙම් පද ගොතන් කුමරුන් ලෙසින් මා වෙත
ඔබ එන තුරා
කෙළිලොල් හැඟුම් මුසුවූ හදින්
මා ආදර පෙම් පැතුම්
රැක ගන්නෙමි පෙම්වත මගේ,
නුඹගේ නාමයෙන්
හැර යනු එපා කිසි දිනෙක මා
නෙතු පුරවා කඳුළකින්
දිවි ඇති තුරා මා ඉන්නම් නෙතු අයා
ඔබ යලි එන තුරා...
~ දස්නි ~
No comments:
Post a Comment