දැඟිලි රන් පටින් බැඳ
මව් පිය සෙනේ සෙත් මැද
තුරුණු වියේ ඔබ හා එක්ව
තැබුවෙමි පියමන් නව දිවියකට...
අපි දිවි ඇති තෙක් හැම දුක සැපම
එක ලෙස විඳිමින් දිවි ගෙවෙන තුර
ඔබ සෙවන යට අප දෙදෙනගේම
පිවිතුරු කැකුළු මල් පූදින...
කාලය ගෙවී වියපත් වුව අප දෙදෙන
දෙහදේ පෙම තවමත් නොමැකේය
දරු මුණුපුරන්ගේ සුරතල් සෙනේ මැද
කාලය ගෙවී යයි හිතටත් නොහැගීම...
මහද රිදවමින් ඔබ අප හැර ගිය එදින
මා හිමි සඳිනි නෙතු හැඬුවා නොනිදාම
මතු අප දෙදෙන ඉපදෙන හැම භවයේම
නුබ පතිනිය වන්නට පතනෙමි නිබද...
~ දස්නි ~
අගෙයි...!!
ReplyDeletethank you... :D
ReplyDeleteඔබ නික්ම ගිය නමුදු,
ReplyDeleteහද බැඳුනු මගෙ සෙනෙහෙ,
කිසි දිනෙක නිම නොවේ,
අප සසර ඇවිදින තුරා,
ඇත්තටම ලස්සන අදහසක්, ලස්සනයි
බොහොම ස්තුති රවී
ReplyDeleteමේ ආච්චිඅම්මා පිරිත් නුල
අල්ලන් ඉන්නවා දැක්ක වෙලේ හිතට දෙනුන දේ :)