ජීවන මගේ නව තනුවක් ලියා තියා
කාලය සමග සති මස් අවුරුදුයි කියා
අසුදෙකට එන්නට මග සරසා තියා
අසු එකේ අවුරුද්දත් ගෙවී ගියා
ළදරුවනුත් ළමයින් වේගෙන එන් නේ
ළමා මනස දින දින මෝරා යන් නේ
සොබා දහම මේ අසිරිය පෙන්වන් නේ
අවුරුද්දක් පසුවී ගියා හින්දයි නේ
අවුරුද්දක කාලය සිතතොත් කෙටි ය
ඒ කෙටි කාලේදී කල දේවල් බොහො ය
අන් ලෝ කර තරණය වන විදු මොළ ය
බට තුල "ළමයි" බිහිකර පෙන්වයි බල ය
අවුරුද්දක් තුලදි, ඇතිවූ ආර්ථික නැම් ම
ජිවන අංක නැග ඇත හිනි පෙත්තට ම
පහර වැදි දුප්පත් දන වැටෙයි බි ම
පොහොසත් අයට නැහැ ඒ ලෙස, කරුණ කී ම
අසු එකේ නොලැබුණු වාසනාව න්
ඇතිවූ දුක් කරදර වල නිමාව න්
තුරුළු කරන හද සතුටක් ගෙනාව න්
අසු දෙකේ සැමටම වාසනාව න්
~ ගාමිණී ~
අවුරුද්ද පහු වෙලා මේච්ච දවසක් ගිහින් මෙයා මොකෝ මේ මේවා ලියන්නේ කියල හිතනවා නේ? :) මේ කවි පේලිය ලිව්වේ මගේ තාත්තා 1981.12.30 මේක මන් දැක්කේ දැන් ගොඩක් ලස්සන නිසා ශීර් ක් හිතුණා. තාත්තා තව ගොඩක් කවි ලියල තියනවා. කියවල බලල ඔයාලගේ අදහසුත් කියන්නකෝ. :D
No comments:
Post a Comment