Dec 1, 2011

"කොඳ කුසුම් පිපෙන්"

                                                      
                                                            රොන් බිඟුන් සරෙන්
                                                           කොඳ කුසුම් පිපෙන් 
                                                              නිල් වලා ගැබෙන් 
                                                             රන් හිරුත් දිලෙන්
                                                    තන පත් මතින් පිනි දිලී මියෙන්
                                            නව ලොවක සිරිය මුළු ලොවට ගෙනෙන්

Nov 22, 2011

Butterfly Birth @ my home garden













                                                           
                                                           

Oct 3, 2011

Spider Web Art....

                                 A fish fling over water....


                                




Aug 31, 2011

100 යි, අවුරුද්දයි....


දින සති සුළගේ නැග යන්නේ
නොහැගිම මස අවුරුදු වන්නේ
දිවියට නෙක මං ලැබගන්නේ
නොහැගිම සිහිලස වසරක් වන්නේ 

සිසිල දෙමින් දිය උල්පත අරඹන්නේ
කාලය සමඟ මිතුදම් එය නංවන්නේ
රැඳී නිතර ලැබ සිහිලස දිරිදෙන්නේ
ඔබට තුති සියක් මිතුරනි මුණු පොතේ 


බ්ලොගය ඇරඹුවත් ඒ ගැන හරිහැටි නොදැන
උදව් දුන්න ඔබ හැමහට තුති වෙමි ඔන්න
නවක මාහට දිරිදී මා පසුපස ඉන්න
බ්ලොගයේ මිතුරු විසිනමයට වෙමි ස්තුති වන්ත.


2010 අගෝස්තු මාසේ සිහිලස මා ආරම්භ කලේ බ්ලොග් කරණයේ අ යන්න වත් හරි හැටි නොදැන...එත් කලාවට මගේ ඇති ආදරෙත් ,සයිබර් ලෝකය ගැන තිබු උනන්දුවත් නිසා,බ්ලොග් ලෝකෙට පිවිසුනා...අති සාර්ථක බ්ලොග් ලියන්නකු නොඋනත් මා මෙයින් ලැබූ සතුට අප්‍රමානයි....ඒ මා සමග රැදුණු මගේ නිර්මාණ අගයපු ඔබ හැම නිසා,ඒ වෙනුවෙන් ස්තුති වන්ත වෙන ගමන් සිහිලස එක්ක ඉදිරියටත් මේ ලෙස රැඳී ඉන්න ආරාධනා කරනවා.
ඔබ සැමට සිහිලසින් පිරි සුබ දවසක් වේවා....!!! :)

Jun 28, 2011

මේගරජදහන


නෙතු මානයේ 
විහිදෙන 
නිලට ඇඳුන
සිත්තමක් මත රඟන
සුදු කුළු තුලින් 
ඉගිලෙන 
සියොතුනේ
මට කියන්න 
ඒ ඉසව්වේ ඇඳුනු 
ලෝකයේ අපූරුව

සිතුම් සියොතුනේ 
මගේ 
හැමදා
ඉගිලෙන්න තනන 
මේගරජදහනේ 
අපූරුව 
පවසන්න මට 
සත්කුලෙන් 
වට වූ සිත 
සනහන්න මදකට   

Jun 25, 2011

දෑඟිලි රන්පට


 දැඟිලි නුඹේ 
පටලගමින් 
නුඹේ හිත මත 
පියමනින්න 
දිවි ඇතිතෙක් 
ලඟින් ඉන්න 
රත්තරනේ 
මගෙම වෙන්න...

Jun 18, 2011

හැඟුමක පැහැය

                                          
   තබනා හැම පියවරකම
දැනෙන හිස් බව 
සුසුම් සිර කර 
හද රිදන තනිකම 
ගත රිදවා මදනල 
දෙන සිසිලස 
නෙතු අග රිද්දයි 
තෙමමින් දෙකොපුල 
නුඹ ලඟ වුන් කල 
නොදැනුනු හැඟුමක 
පැහැය 
අද වර්ණවත් කරයි 
මා මුළු හද මඬල.... 

Jun 2, 2011

අප්පච්චි

                                                               මිල්ල සොයන්
                                                   සයුරු තෙරෙන්
                                                   එගොඩ ගොසින් අප්පච්චි 
                                                   ලේ දහදිය 
                                                   මුසු කරමින් 
                                                   ඉසුරු සෙවූ  අප්පච්චි 
                                                   නුඹේ ලොවම 
                                                   අප කරගෙන 
                                                   දුක් විඳිනා  අප්පච්චි 
                                                   නුඹේ නමින් 
                                                   කුසුම් පුදමි 
                                                   බුදු සමිඳුට  අප්පච්චි 
                                                   සිනාවකින් 
                                                   නුඹේ කඳුළු 
                                                   සගවනු කිම  අප්පච්චි 
                                                   නුඹේ දිවිය 
                                                   අප වෙනුවෙන් 
                                                   කැප කරනා  අප්පච්චි
                                                   නුබව දිනෙක 
                                                   රජ කරවමි 
                                                   මා ආදර   අප්පච්චි 
                                                   මතු සසරේ 
                                                   හැම භවයක 
                                                   නුඹ වේවා 
                                                   මයෙ අප්පච්චි........

May 3, 2011

හිරු කුමරු ගිලෙන සඳ,


                                                                  සුදු වළා අවුලමින්   
                                                              හිරු කුමරු ගිලෙන සඳ 
                                                              රක්ත නෙතු කකියමින් 
                                                                කඳුළු බිදු මිදෙන සඳ 
                                                             නුඹව මුළු ලොවම ලෙස 
                                                                තැනුව මා හද මඬල 
                                                                සුනු විසුනු කර දමා
                                                               සැඟව ගිය අරුම කීම......

Mar 31, 2011

මම කඳුළු බින්දුවක්

ජිවිත ගමනේ කඳුළු බින්දුව මුණ ගෙහිච්ච නැති කවුරුත් ඉන්නවද? නැනේ.නෙතගින් ගිලිහිලා කොපුල් තෙමමින් සීතලට ගලන කදුළු බින්දු වෙලාවක හිතට පුදුම දුකකුත් ගේනවා.එත් තවත් මොහොතක ඒ කළුම හිතේ බර සැහැල්ලු කරන්නේ පුදුම විදිහට.සතුටටත් උරුමකම් කියන කදුළු බින්දු විටක සතුට නිම්හිම් නැති කරනවා.මේ කඳුළු බින්දු වලට නමක් ගමක් නැ විටක මවකගේ නෙතින් මිදෙන කදුළු විටක පෙම්වතුන්ගේ නෙතිනුත් ගිලිහෙනවා.නෙතට උරුම කඳුළැල් ගැන කියවෙන මම බොහොම ප්‍රිය කරන ගායිකාවක් වෙන දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගේ "මම කඳුළු බින්දුවක්" ගීතය youtube එකේ හෙව්වට තිබ්බේ නැති නිසා මට හිතුන පොඩි වීඩියෝ ක්ලිප් එකක් හදල දාන්න.එහෙම හදපු වීඩියෝ එක තමා මේ බලල හරි වැරදි කියන්නකෝ 





Mar 25, 2011

ශ්‍රී පාදය පිලිබඳ ආගමික දර්ශන

ගිය මැදින් පෝය දවසේ හා හා පුර කියල කෝඩු මාත් සිරිප කරුණ කළා.සමන් දෙයියන්ගේ පිහිටෙන් කොදු චාරිත්රත් ඉෂ්ට සිද්ද කරලා හිත සතුටින් වන්දනා කරපු අපි,ආපහු කරුණා කරන පැතුමත් හිතේ තියන් ශ්‍රී පා අඩවියෙන් නික්මුණා.
ඉතින් සිරිප පළමු වතාවට වැඳපු මට ඒ ගෙන ඉතිහාසේ ටිකක් බෙදා ගන්න හිතුන,බොහෝ දෙන දන්නවත් ඇති එත් සමර කරුණු මන් දැන ගත්තේ පළමු වතාවට. 
හැමෝම දන්නවා ඇති බෞද්ධ අපිට ශ්‍රී පාදස්ථානය පුජනීය වෙන්නේ අපේ ගෞතම බුදුරදුන්ගේ පාදස්පර්ශය ලැබූ හේතුවෙන් බව.දැනට වසර 2580 පමණ ඉහත බුදුරදුන්ගේ තෙවන ලංකාගමනයේදී එනම් කැලණියට වැඩම කළ අවස්ථාවේදී සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීමක් පරිදි බුදුන්ගේ වම් ශ්‍රී පතුල සමන් ගිර මත පිහිටවූ බව සදහන්වෙනවා. ඒවගේම ජනප්‍රවාද වල මෙවැනි දෙයකුත් කියවෙනවා, බුදුන් සිරිපතුල පිහිටවුයේ නිල මැණික් කැටියක් මත බවත් මංකොල්ල කරුවන් වැනි අපරාද කරුවන්ගෙන් බේරන්න, සක්‍ර දෙවිද්‍රයන් ඒ මතට දැනට පෙන්න තියන ගල් පර්වතය පිහිටුවූ බවත් කියවෙනවා.
ක්‍රිස්තියානි භක්තිකයන් ශ්‍රී පතුල දකින්නේ තවත් ආකාරයකට, ඔවුන් සමන්ගිර හදුන්වන්නේ  ඇඩම්ස් හිල් ලෙසයි. ඔවුනට අනුව ආදම් තහනම් ගහේ ගෙඩි කෑම නිසා ස්වර්ගයෙන් නෙරපිමෙන් පසු පෘතුවියට වැටුණු බවත් පුරවෘතවලට අනුව ඔහු සමන් ගිර මුදුනට වැටුණු වගත් කිය වෙනවා.සමන් ගිරට මුදුනට වැටුන ආදම්ට තම වරදට දඩුවම් වශයෙන් අවුරුදු 1000ක්  යනතුරු තනි කකුලින් එතන සිටීමට සිදු වූ නිසා ඇතිවුණු පා සටහන් බව ඔවුන්ගේ පිළිගැනීමයි.
දේශාටක ඉබන් බතුතා හෙවත් අබු අබ්දුල්ලාහ් මොහොමඩ් ද සංචාරක මාර්කෝ පොලෝ ද සමන් ගිර වන්දනා කර ඇත. මාර්කෝ පොලෝ ශ්‍රී පාදස්ථානය පිළිබද දැනගෙන ඇත්තේ චීන සංචාරයේදී කුබ්ලෛ ඛාන් නම් චීන අදිරජ්‍යකුගෙනි.
  මුස්ලිම් බැති මතුන්ද මීට සමාන විශවාසයක් දරනවා ඔවුන්ට අනුව ආදම්ගේ සොහොන සමන් ගිර මුදුනේ පිහිට ඇති බව කියවේ. 

හින්දු බැතිමතුන්ට අනුව ඒ ශිව දෙවියන්ගේ පා සටහන් බව පිළිගනී. ශිව දෙවියන් මනුෂ්‍ය වර්ගයාගේ හිතසුව පිණිස එහි වැඩ සිටි බවත් එහි පැමිණෙන බැතිමතුන්ට සුවර්ගස්ත වීමට ආශීර්වාද කරන බවත් ඔවුන්ගේ පිළිගැනීමයි.