Jun 28, 2011

මේගරජදහන


නෙතු මානයේ 
විහිදෙන 
නිලට ඇඳුන
සිත්තමක් මත රඟන
සුදු කුළු තුලින් 
ඉගිලෙන 
සියොතුනේ
මට කියන්න 
ඒ ඉසව්වේ ඇඳුනු 
ලෝකයේ අපූරුව

සිතුම් සියොතුනේ 
මගේ 
හැමදා
ඉගිලෙන්න තනන 
මේගරජදහනේ 
අපූරුව 
පවසන්න මට 
සත්කුලෙන් 
වට වූ සිත 
සනහන්න මදකට   

No comments:

Post a Comment