Mar 25, 2011

ශ්‍රී පාදය පිලිබඳ ආගමික දර්ශන

ගිය මැදින් පෝය දවසේ හා හා පුර කියල කෝඩු මාත් සිරිප කරුණ කළා.සමන් දෙයියන්ගේ පිහිටෙන් කොදු චාරිත්රත් ඉෂ්ට සිද්ද කරලා හිත සතුටින් වන්දනා කරපු අපි,ආපහු කරුණා කරන පැතුමත් හිතේ තියන් ශ්‍රී පා අඩවියෙන් නික්මුණා.
ඉතින් සිරිප පළමු වතාවට වැඳපු මට ඒ ගෙන ඉතිහාසේ ටිකක් බෙදා ගන්න හිතුන,බොහෝ දෙන දන්නවත් ඇති එත් සමර කරුණු මන් දැන ගත්තේ පළමු වතාවට. 
හැමෝම දන්නවා ඇති බෞද්ධ අපිට ශ්‍රී පාදස්ථානය පුජනීය වෙන්නේ අපේ ගෞතම බුදුරදුන්ගේ පාදස්පර්ශය ලැබූ හේතුවෙන් බව.දැනට වසර 2580 පමණ ඉහත බුදුරදුන්ගේ තෙවන ලංකාගමනයේදී එනම් කැලණියට වැඩම කළ අවස්ථාවේදී සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීමක් පරිදි බුදුන්ගේ වම් ශ්‍රී පතුල සමන් ගිර මත පිහිටවූ බව සදහන්වෙනවා. ඒවගේම ජනප්‍රවාද වල මෙවැනි දෙයකුත් කියවෙනවා, බුදුන් සිරිපතුල පිහිටවුයේ නිල මැණික් කැටියක් මත බවත් මංකොල්ල කරුවන් වැනි අපරාද කරුවන්ගෙන් බේරන්න, සක්‍ර දෙවිද්‍රයන් ඒ මතට දැනට පෙන්න තියන ගල් පර්වතය පිහිටුවූ බවත් කියවෙනවා.
ක්‍රිස්තියානි භක්තිකයන් ශ්‍රී පතුල දකින්නේ තවත් ආකාරයකට, ඔවුන් සමන්ගිර හදුන්වන්නේ  ඇඩම්ස් හිල් ලෙසයි. ඔවුනට අනුව ආදම් තහනම් ගහේ ගෙඩි කෑම නිසා ස්වර්ගයෙන් නෙරපිමෙන් පසු පෘතුවියට වැටුණු බවත් පුරවෘතවලට අනුව ඔහු සමන් ගිර මුදුනට වැටුණු වගත් කිය වෙනවා.සමන් ගිරට මුදුනට වැටුන ආදම්ට තම වරදට දඩුවම් වශයෙන් අවුරුදු 1000ක්  යනතුරු තනි කකුලින් එතන සිටීමට සිදු වූ නිසා ඇතිවුණු පා සටහන් බව ඔවුන්ගේ පිළිගැනීමයි.
දේශාටක ඉබන් බතුතා හෙවත් අබු අබ්දුල්ලාහ් මොහොමඩ් ද සංචාරක මාර්කෝ පොලෝ ද සමන් ගිර වන්දනා කර ඇත. මාර්කෝ පොලෝ ශ්‍රී පාදස්ථානය පිළිබද දැනගෙන ඇත්තේ චීන සංචාරයේදී කුබ්ලෛ ඛාන් නම් චීන අදිරජ්‍යකුගෙනි.
  මුස්ලිම් බැති මතුන්ද මීට සමාන විශවාසයක් දරනවා ඔවුන්ට අනුව ආදම්ගේ සොහොන සමන් ගිර මුදුනේ පිහිට ඇති බව කියවේ. 

හින්දු බැතිමතුන්ට අනුව ඒ ශිව දෙවියන්ගේ පා සටහන් බව පිළිගනී. ශිව දෙවියන් මනුෂ්‍ය වර්ගයාගේ හිතසුව පිණිස එහි වැඩ සිටි බවත් එහි පැමිණෙන බැතිමතුන්ට සුවර්ගස්ත වීමට ආශීර්වාද කරන බවත් ඔවුන්ගේ පිළිගැනීමයි.

2 comments:

  1. තම්බින්ගෙයි ක්‍රිස්තියානි කාරයන්ගෙයි මිත්‍යා මත.

    ReplyDelete
  2. ඔව් එක හරි :D .....ඒ වගේම ජාති ආගමකින් තොරව හැම දෙනාම පුදන පුද බිමක් වීම ගැනත් සතුටුයි.

    ReplyDelete