සීහල සිහසුනේ වුනු හැල හැප්පීම්
අවියක් කරගෙන පෙරදිග මිනිසුන්
පෘතුගීසි ලන්දේසි සහ ඉංග්රීසින්
එක එක කල කෙරුවයි මෙහි රජ කම්
ඉංග්රීසින් දිවයින ඩහැ ගන්නේ
බොදු දිවයිනේ මහා වෙනසක් වන්නේ
ගිවිසුම් කැරලිත් ඒ තුල වන්නේ
සිහලුන් නෑ තම වෙර අතරින්නේ
ඉංග්රීසින්ගේ පාලනේ නැග ආවේ
අවි බලයෙන් නැත කිසිත්ම වුයේ
ඔවුන්ගේ පිළිවෙත සටන් කෙරුයේ
මුනිවත රකිමින් මොළ වේහෙසුවේ
නව නව ආණ්ඩුක්රම පැමිණෙන්නේ
ක්රමයෙන් වැඩි බල අපිට ලැබෙන්නේ
ප්රජා තාන්ත්රය මුල් බැස ගන්නේ
ජන මතයෙන් නිදහස ලැබ ගන්නේ
එතැන් පටන් 63 අවුරුදු ගිය සඳ
ඒ තුල අප නව නිදහස ලැබ ඇත
භීතිය නැති සාමය ඇති රට දැක
පතනෙමි ආසිරි නිදහස ලැබූ දින
~ දස්නි ~
No comments:
Post a Comment