Sep 13, 2010

◘~ My poem ~◘ : "මොළකැටි කුසුම "


ක තරහ නැති
නුබේ ලෝකයේ
සිහින දකිමි හිනැහෙනා
නුබේ ඔය මුව
පොඩිය සිපගෙන
හිදින්නට
උණුහුම වෙලා
විදින්නට ආසයි
මටත් නුබේ
සිහින දනව්වේ පියඔලා
රැදෙනු ආසයි මොළකැටි
කුසුම ලග
ලොවම අමතක කරදමා

4 comments:

  1. කවද හරි ලොකු වෙලා
    නුබ වගේ ඇවිදින්න
    ඇවිදිමින් උඩ පනින්න
    උඩ පනිමින් ගී ගයන්ඩ
    ආසයි මට ලොකු වන්නට

    කට කොනකින් කෙල වෙටෙමින්
    තොටිල්ලටම කොටුවී මම
    නැගිටගන්න වීරිය නැති
    පොඩි කම මට ඇතිවෙලාය.

    ReplyDelete
  2. වැඩිහිටි වූ දිනෙක නුබ
    මේ කුරිරු වූ ලෝකය දැක
    කියාවි නුබ මා හට
    කොතරම් සොදුරුද
    මා පිය සෙවන මට.....!!!

    ReplyDelete