Jun 22, 2011
Jun 20, 2011
Jun 18, 2011
හැඟුමක පැහැය
තබනා හැම පියවරකම
දැනෙන හිස් බව
සුසුම් සිර කර
හද රිදන තනිකම
ගත රිදවා මදනල
දෙන සිසිලස
නෙතු අග රිද්දයි
තෙමමින් දෙකොපුල
නුඹ ලඟ වුන් කල
නොදැනුනු හැඟුමක
පැහැය
අද වර්ණවත් කරයි
මා මුළු හද මඬල....
Jun 2, 2011
අප්පච්චි
මිල්ල සොයන්
සයුරු තෙරෙන්
එගොඩ ගොසින් අප්පච්චි
ලේ දහදිය
මුසු කරමින්
ඉසුරු සෙවූ අප්පච්චි
නුඹේ ලොවම
අප කරගෙන
දුක් විඳිනා අප්පච්චි
නුඹේ නමින්
කුසුම් පුදමි
බුදු සමිඳුට අප්පච්චි
සිනාවකින්
නුඹේ කඳුළු
සගවනු කිම අප්පච්චි
නුඹේ දිවිය
අප වෙනුවෙන්
කැප කරනා අප්පච්චි
නුබව දිනෙක
රජ කරවමි
මා ආදර අප්පච්චි
මතු සසරේ
හැම භවයක
නුඹ වේවා
මයෙ අප්පච්චි........
Subscribe to:
Posts (Atom)


